Saturday, November 13, 2010

The Voice of Sri Lanka Youth: e-රස්තියාදුකාරයා

The Voice of Sri Lanka Youth: e-රස්තියාදුකාරයා: "Dehan Vithana [+94714470384]dehan.vithana@yahoo.com



මේ වන විට youth voice of Sri Lanka blog අඩවිය blog post ශතකයක් වාර්තා කර ඇත. ඉතා කෙටි කාලයක් තුළ වටිනා blog post 100 ක් මෙම අඩවියට එක් වීම ගැන මෙම අඩවියේ කර්තෘවරයෙක් වශයෙන් මම අහිංසක සතුටක් ලබමි. එහෙත් මෙම blog අඩවියේ ඇති ඇතැම් කමෙන්ටු දෙස බැලුවහොත් ඔබට වැටහේවි. මෙම blog අඩවියට ආදරය කරන කොතරම් පිරිසක් සිටිත් ද කියා. සුවිශේෂි කරුණ වන්නේ ඔවුන් තමන්ගේ සැබෑ නමින්ම මෙම කමෙන්ටු ඉදිරිපත් කිරීමයි. ඔවුන්ගේ දෙමාපියන් විසින් ඔවුනට තබන ලද නම් වන නරිරාල,moneyදුවා,පැණියා යනාදී වූ නම්වලින් තම නිර්ව්‍යාජ අදහස් ඉදිරිපත් කරයි.

මේ දවස් ටිකේ JAVA Force එකේ හැම සාමාජිකයෙකුගේම සිතේ රැව් පිළිරැව් දෙන්නේ world congress එක ගැනයි. ඒ වගේම හැමෝටම e-කුටියක් භාරවෙලා තියෙන හින්දා හැම කෙනාගේම හිත්වල තියෙන්නේ e-සංකල්පයි. දවසක් දිලන්ත සර් අපිට කියපු කතාවක් අනුව මට e-රස්තියාදුකාරයා කියන සංකල්පය ඔලුවට ආවා.

"රස්තියාදුකාරයා" මේ වචන ඇසූ සැණින් බොහෝ දෙනෙකුගේ සිතට මැවී පෙනෙන්නේ,පාරක් අයිනේ බෝක්කුවක් උඩට වී බීඩිය අතේ තියාගෙන තේරුමක් නැති දේවල් කතා කර කර නිකරුණේ කල් ගෙවන පුද්ගලයෙකුගේ රූපයක් ය. නමුත් වර්තමානයේ රස්තියාදුකාරයා ඊට වඩා තරමක් දියුණු වී ඇත. ඔවුන්ගේ අතේ ඇත්තේ බීඩිය වෙනුවට මූසිකයයි. බෝක්කුව උඩ වාඩි වනවා වෙනුවට සැප පහසු පුටුවක් උඩ වාඩි වී සිටී. ඔහු සිටින්නේ එසේ මෙසේ තැනක නොව අන්තර්ජාල සම්බන්ධතාවය ඇති පරිගණකයක් ඉදිරිපිටයි. ඔහු රස්තියාදු ගහන්නේ මහා මාර්ග,කඩපිල් අසල නොව blogs,chat rooms,forums අසලය. e-රස්තියාදුකාරයා කරන්නෙත් පැරණි රස්තියාදුකාරයා කරන වැඩේම යි.

ඒත් වත්මන් සමාජයේ තවමත් e-රස්තියාදුකාරයන් ගැන අඳුනන්නේ නැති නිසා වර්තමානයේ e-රස්තියාදුකාරයන්ගේ සංඛ්‍යාව ඉහළ යනවා. e-රස්තියාදුකාරයෝ කරන්නේ සයිබර් අවකාශයේ ඔහේ එහෙ මෙහෙ සැරි සරමින් අනුන්ට මඩ ගසමින් තමන්ගේ වටිනා කාලය අපතේ යවා ගනී.

ඇතැම් අය රස්තියාදුකාරයන් හට ඉලන්දාරීන් යැයි ද අමතති. එය සැබෑ ඉලන්දාරීන් හට කරන මහත් නින්දාවකි. ඔබ ඇතැම් විට ඉලන්දාරීන් යන වචනය ගොඩ නැගුණු ආකාරය නොදන්නවා ඇත. අරියසෙන් අහබුදු ශූරීන් ගේ අදහසට අනුව ඉලන්දාරියා යන වචනය සෑදී ඇත්තේ "හෙළයට දහිරියක් වන්නා" යන්න කෙටි වීමෙනි. ඔහුගේ අර්ථ දැක්වීමට අනුව රස්තියාදුකාරයා හට ඉලන්දාරියා යැයි ආමන්ත්‍රණය කිරීම මහත් අපරාධයකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රී ලංකාවට ධෛර්යයක් වන පුද්ගලයන් කවුරුදැයි ඔබ අවබෝධ කර ගත යුතුය. මේ blog සටහන කියවන e-රස්තියාදුකාරයෙක් සිටී නම් ඔහුත් e-ඉලන්දාරියෙකු වන්නට අදිටන් කර ගන්නේ නම් එය ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට වඩා යහපත් වනු ඇත.



මේ වන විට youth voice of Sri Lanka blog අඩවිය blog post ශතකයක් වාර්තා කර ඇත. ..."

ලොව මවිත කරන දැවැන්ත සමුළුවට ... ඔබ සූදානම්ද?

Friday, October 8, 2010


Creating and facilitating a Platform to Bring together People, organizations and Networks such as Researchers, ICT Experts, Development Practitioners, Policy Makers and especially Community Leaders representing diverse fields and working in isolation to enhance the pote...ntial of integrating technologies for sustainable development while offering both economic and non economic benefits to all actively participating in this process through the accumulated Social Capital .