ඔබේ දුරකථනයේ ඇති ෆ්ලැශ් ලයිට් ඇප් එක වහාම ඉවත් කරන්න
දුරකථනයේ ඇති ෆ්ලෑෂ් ලයිට් එක ක්ෂනිකව ක්රියාත්මක කරගැනීම සඳහා බොහෝ දෙනෙක් ඒ සඳහාම වෙන් වූ ඇප්ස් භාවිතා කරනවා. නමුත් එම ඇප්ස් ඉතා භයානක ඔත්තු බලන වයිරස් හා සම්බන්ධ වී ඇති බව ඔබ දැන සිටියාද ? එමෙන්ම ඒවා මඟින් ඔබ සතු පින්තූර , බැංකු කාඩ්පත් අංක ආදී සියලු දත්තයන් සොරා ගත හැකි බව දැන සිටියාද ?
අන්තර්ජාලයේ ආරක්ශාව පිලිබඳව විශේෂඥයෙකු වන Gary Miliefsky මහතා පවසා සිටින්නේ ෆ්ලෑෂ්ලයිට් ඇප්ස් අතර ඇති හොඳම ඇප්ස් 10 ඔත්තු බලන එනම් අනුන්ගේ දේවල් රහසේ සොයා බලන සොරකම් කරන ඒවා බවයි. මෙහි ඇති භයානක පැතිකඩ නම් 500,000,000 පමණ පිරිසක් එම ඇප්ස් ඔවුන්ගේ ඇන්ඩ්රොයිඩ් දුරකථන වලට ඩවුන්ලෝඩ් කරගෙන තිබීමත්. එමෙන්ම මෙම වයිරස ඔවුන්ගේ දුරකථනයට ආසාදනය වී ඇති බව ඔවුන් නොදැන සිටිමත් ය.
No comments:
Post a Comment