Saturday, November 13, 2010

කට උත්තර නැතිවීම සහ ඉලක්කය වැරදී යාම....
මත විමසුම අංක 02

දෙවන දිගහැරුම

මෙම ලිපිය තුලින් ගෙන හැර පෑමට උත්සාහ කරන්නේ, තමන් රණරාළ යැයි කියගන්නා ගමරාළ ප්‍රකාශ කර තිබූ තවත් එක් කරුණක් පිලිබදවය. මෙහිදී සදහන් කල යුතු තවත් දෙයක් නම්, ඔහු පළ කර ඇති සියලුම ලිපි වලට පිළිතුරු අවශ්‍යය ප්‍රමණයටත් වඩා පවතී. නමුත් රණරාළ මහතාට ලිපි ලිය ලියා ඉන්නාවට වඩා වෙලාවක් නැති උනත්, මා හට කාලය රන් හා වටී. නමුත් රටේ තරුණ පරපුර ඇත්ත දැනගත් යුතු හෙයින් එම කර්තවෘය මා නොපිරිහෙලා ඉටු කිරීමට බලාපොරුත්තු වෙමි.



තමන් රණරාළ යැයි කියගන්නා ගමරාළ මහතා සිතා සිටින්නේ CCJP හට Royal Charter එක ඇත කියායි. ඇත්තටම CCJP හට ඇත්තේ Charter එක පමණි. මෙයින් පෙනී යන්නේ පිටු ගනන් දිගට මඩ ගසන්න හකි වුනත්, කරන ලද සහ පල කර ඇති ප්‍රකශ වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.මෙසේ ඉවක් බවක් තොරව කරුණු හරි හැටි නොදැන මඩ ගසන්නේ හරියට සිංහල කියමනේ එන "මැරෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා"

දැන් බලමු රණරාළ මහතාට පැටලී ඇති Charter සහ Royal Charter කියන්නේ මොකද්ද කියලා? මොකද එතුමා හරියට research එකක් වත් කරන්න දන්නේ නැති බවක් පෙනී ගිය නිසයි මා එසේ ප්‍රකශ කලේ.

පළමුව කියන්නම් Charter කියන්නේ document එකක් විතරයි. වැඩිදුර විස්තර අවශ්‍ය නම් http://ccjpint.org/index.jsp වෙත පිවිසෙන්න. දෙවනුව Royal Charter කියලා සහ Charter කියල වර්ග දෙකක් තියනවා. මෙහිදී පෙනී යනව එතුමා හරියට දන්නේ නෑ CCJP හට තියෙන්නේ Charter එක මිසක් Royal Charter එක නෙවෙයි කියල. CCJP ට Charter එක ලැබුනේ 2008 අවුරුද්දේදී. ඒ වගේමයි, CCJP එක තමයි එකම තැන ලොව පුරා සිටින Java Professionals ලාට Charter එක ලබා දෙන.

සොයා ගත් කරුණු පරිදි, රණරාළ යැයි කියාගන්නා ගමරාළ ඇතුලු පිරිස බලාපොරුත්තුව සිටියේ මෙවරත් ගිය වර මෙන්ම Degree එක ලබා දෙන්නේ Open International මගින් කියලයි. නමුත් IJTS මෙවර Degree එක ලබා දෙන්නේ Maharishi Institute, CCJP, Personal Branding University ඇතුලුවය. නමුත් මේ අතර තුලදී ඔවුන් නොසිතූ පරිදි IJTS හ අනුබද්දව පවතින Maharishi Institute එක ලෝකයෙන්ම තවත් Institutes 500 අභිබවා පළමු තැනට තේරී Best Seedling සම්මානයෙන් පිදුම් ලබද්දී රණරාළ යැයි කියාගන්නා ගමරාළ ඇතුලු පිරිසට වලිගය පෑගුන බවක් පෙනී ගිය ආකාරයක් දකින ලදී. මා දුටු පරිදි ඔවුන් එම තරහව ප්‍රකශ කලේ IJTS ආයතනය සතු වෙබ් අඩවි වලට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත සොරකම් කීමට ගොස් හසුවුනු අවස්ථාවේදීය.

බොරු රණරාළ මහතාට යමක් කියා සිටීමට කැමැත්තෙමි. යමක් ප්‍රකශ කිරීමට පෙර (ඉශාන්ත මහතාට සහ IJTS එකට ) ඒ ගැන හොදින් research එකක් කර, ඔප්පු කර හැකි කරුණු පමනක් ඇතුලත් කරන ලෙසයි. එමන්ම මා ඉහතදී සදහන් කලාක් මෙන් එම කතුවරයා පල කලා තිබෙන සියලු කරුණු වලට, සත්‍යය තොරතුරු ඔහුට සහ ඔහුගේ සගයන්හට මින් ඉදිරියේදීම බලා ගත හැකි වනු බවත් මතක් කර සිටිමි.

මෙම ලිපි මාලාව බලන බුද්ධිමත් පාඨකයන්ගේ දැන ගැනීම වස්,

සියලුම කරුණු සලකා බැලීමෙන්, රණරාළ blogspot එක පවත්වා ගෙන යන පුද්ගලයා ආචාර්ය ඉශාන්ත සිරිබද්දන මහතා සමග පැහැදිලි ඊෂ්‍යාවකින් පෙලෙන බව පෙනේ. නමුත් මෙහිදී ප්‍රකශ කිරීමට ඇත්තේ, ඔවුන් මෙසේ ගසන මඩ ප්‍රහාර, නින්දිත වැඩ, නීති විරෝධී වැඩ ජව තාක්ෂණය ඉගෙන ගැනීමට කැමති සහ ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන සිසුපිරිසටද තර්ජනයක් ඇති කරනු බැවිනි.

උපකල්පන ( මඩ ගැසීමට හේතු )

1) තමා රණරාළ යැයි කියාගන්නා කතුවරයා අප රටේ කොදු නාරටිය බදු තරුණ පරපුර ( විශේෂයෙන්ම මධ්‍යම පන්තික සිසු කැළ ) ජව තාක්ශණය ඉගෙන ගන්නවාට අක්මැති විය යුතුය.

2) ආචාර්ය ඉශාන්ත සිරිබද්දන මහතා, ගමේ තරුණ පරපුරට ජව තාක්ෂණය ලබාදී, ඔවුන් වර්තමානයේ රටේ සංවර්ධනයට දායක වන හැටි දෑසින් බලා සිටිය නොහැකිව සිටිනවාද විය හැක.

නමුත් මෙහිදී අප ප්‍රකශ කර සිටින්නේ IJTS යනු හුදෙක්ම ධන කුවේර පන්ති වලින් පැමිනෙන සිසුන්ට Java තක්ෂණය ලබා දෙන තැනක් නොවන බවයි. මන්ද ඔවුන්ට මුදල් උවමනාවටත් වඩා පවතී. නමුත් ආචාර්ය ඉශාන්ත සිරිබද්දන මහතා, IJTS ආයතනය මධ්‍යම පන්තියේ සියලුම සිසුන් සදහා පැය 24 පුරාම විවෘත කර ඔවුන්ට කැමති පරිදි අධ්‍යාපනය ලබා දීමට කටයුතු කර ඇත්තේ එතුමාට මෙම රට ගැන කැක්කුමක් ඇති නිසා නොවේද?

::: පාඨක බුද්ධිමතුන්ට පමණයි :::

ගලක් වනවේද බළලෙක් ලෙව්වාට
විලක් බොරවේද බොල්පිනි බෑවාට
මලක් පරවේද බිගු රොන් ගත්තාට
බැරි දේ පුලුවන්ද දත් මිටි කෑවාට



Jeewantha Ranganath
0775330330
jeewantha.ranganath@gmail.com

No comments: